Colombo Today Local NewsTop Stories

ලක්ෂ 120ක් වංචා කළ, කැලණිය ජල මණ්ඩල හිටපු ගණකාධිකාරීට වසර 37ක සිර දඬුවමක්

ජලසම්පාදන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිකාරි ආනන්ද මාබෝල නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (02 දා) බරපතළ වැඩ සහිත වසර 37 ක සිරදඬුවමක් නියම කළේය.

කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ කළමනාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා චෙක්පත් 57 ක් මගින් රුපියල් ලක්ෂ 120 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධි චෝදනා අටකට වරදකරු කරනු ලැබු එම විත්තිකරුට රුපියල් ලක්ෂ 40 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා රුපියල් ලක්ෂ 130 ක වන්දියක් ජලසම්පාදන මණ්ඩලයට ගෙවන ලෙසට ද නියම කළේය.

එම දඩ හා වන්දි මුදල නොගෙවන්නේ නම් වසර 23 ක බරපතළ වැඩ සහිත අමතර සිරදඬුවමක් ද එහිදී නියම කළ විනිසුරුවරයා එම දඩය හා වන්දි ගෙවීම සඳහා එම නඩුව ලබන මැයි 31 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.

2005 වසරේ දී මාස 12 ක් වැනි කෙටි කාලයක් තුළදී විත්තිකරු ඉතා සූක්‍ෂ්ම ලෙස ව්‍යාජ බැංකු ලේඛන ඉදිරිපත් කර එකී වංචාව සිදුකර ඇති බවත්, එම නඩුවේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමෙන් පසුව පදිංචි ස්ථානය හැර ගොස් සැඟවී සිට ඇති බවත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම නියෝගය ලබා දෙමින් පෙන්වා දුන්නේය.

අධිකරණය මඟහැර සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම විත්තිකරු රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කර නඩු විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කොට තිබිණි.

විත්තිකරු තමන් භාරයේ තිබූ එකී චෙක්පත් සිය අත් අකුරින්ම ලියා බැංකුවට ගොස් මුදල් කරගෙන තිබු අතර චෙක්පත් කිහිපයක් සිය අනියම් බිරියගේ ගිණුමකට බැරකර මුදල් ලබාගෙන ඇති බවද සාක්‍ෂි විභාගයේ දී අනාවරණය වී ඇති බව සිය තීන්දුව මගින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශ්‍යාමලී අබේරත්න මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූවාය.

එම විත්තිකරුට එවැනි වංචනික කි‍්‍රයා සම්බන්ධයෙන් කොළඹ වෙනත් මහාධිකරණ කිහිපයක් හමුවේ නීතිපතිවරයා විසින් පැවරූ තවත් නඩු කිහිපයක් ඇතැයි ද පැමිණිල්ලේ සාක්‍ෂි විභාගයේ දී අනාවරණය විය.

Related posts

ලාංකිකයන් 40,000කට රැකියා අවස්ථා අහිමිවෙයි.. විදේශිකයන් බුරුතු පිටින් ඇවිත් මෙරට කම්කරු රැකියාවේ !

colombotoday

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday

සහරාන් හා අබුසාලී සමඟ සබදතා පැවැත්වු තවත් අයෙක් STF අත්අඩංගුවට

colombotoday

සමගි ජන බලවේගයත් එකතු කරගෙන රනිල් ආණ්ඩුව එක්ක හැප්පෙන්න යයි.

colombotoday