Colombo Today Local News

රෝසි සහ ඉමිටියාසුත් එජාප කෘත්‍යාධිකාරියෙන් දොට්ට !

කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා යන අය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද(30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව තිබේ.

එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන්.

Related posts

“මාධ්‍ය කෝප් කමිටු වාර්තා හෙලිකලා.. වහා ගෙන්වා ප්‍රශ්නකළ යුතුයි“ – සුජීව

colombotoday

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

colombotoday

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

colombotoday

මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයින්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin