Colombo Today Local NewsCovid 19

රිකිල්ලගස්කඩ මූලික රෝහල වසා දමයි – වෛද්‍යවරයෙකුට කොරෝනා

ඊයේ පස්වරුවේ සිට රිකිල්ලගස්කඩ මූලික රෝහල තාවකාලිකව වසා දමා ඇත.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා සඳහන් කරන්නේ මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ආසන්නතම රෝහලට මාරු කර යවා තිබේ.

ආසාදිත වෛද්‍යවරයා කැලණියේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගියදා තම නිවසට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇත.

එම රෝහලට රෝගීන් බාර ගැනීමද නතර කර දමා ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය රෝහල තුළම නිරෝධායනයට යොමුකර ඇත.

Related posts

වසර පහාමාරකට පසු ලසන්ත වික්‍රමතුංග අද ගොඩ ගනී

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

රනිල්-සජිත්ට අද විශේෂ දවසක්

Admin

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

colombotoday