Colombo Today Local News

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් (මූල්‍ය ව්‍යාපෘතිද ඇතුළත්ව) මෙහෙයවීම සහ අධීක්ෂණය ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනය (ICTA) පවරා රාජ්‍ය තොරතුරු හා තාක්ෂණ කටයුතු මධ්‍යගතකරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙලෙස පරිගණක ගත රාජ්‍ය තොරතුරු ජාලය මධ්‍යගත කිරීම ඔස්සේ වඩාත් ජනතා හිතවාදී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම අරමුණු වී ඇත. රජයේ ඉදිරි දැක්මට අනුව ‘ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර ලෙස මෙලෙස ජාතික තොරතුරු තාක්ෂණ ආයතන වෙත සියලු රාජ්‍ය ව්‍යාපෘති හා වැඩසටහන් මධ්‍යගත කෙරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ මෙම උපදෙස් අන්තර්ගත චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන අමාත්‍ය කාර්යාල (පළාත්) ආණ්ඩුකාරවරුන්, සියලුම රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමුකර ඇතැයි ජනාධිපති කාර්යාල වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පියවර ඔස්සේ රටේ ඩිජිටල් කටයුතුවලට අදාළ ‘විද්‍යුත් ගනුදෙනු පනත’ ආදී නීතිමය තත්ත්වයන් ශක්තිමත් කර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම හා නීති විරෝධී ගනුදෙනු වැළැක්වීම ද අපේක්ෂා කෙරේ.

Related posts

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

මාකදුරේ මධූෂ් සමග රාජ්‍යතාන්ත්‍රිකයෙක්, රියලිටි තරු 6ක් අත්අඩංගුවේ… ඇමති පිරිසක් කලබල වෙයි…

colombotoday

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

(Video) හිලරිගේ පරාජයෙන් ජනපති මෛත්‍රීගේ බලාපොරොත්තුවක් සුන් වී යයි

colombotoday

බුද්ධ ශාසන අමාත්‍යාංශය උදය ගම්මන්පිලට

colombotoday