යාපනය කොඩිකාමම් ප්රදේශයේදී සොරකමේ ගිය බවට සැක කෙරෙන තරුණයෙකුට ඊයේ (09) දින ප්රදේශවාසීන් පිරිසක් විසින් පහරදී පොලීසියට භාර දී ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.
අදාළ තරුණයා කිසියම් නිවසකට පැන සොරකම් කිරීමට සැරසුනේයැයි කියමින් ප්රදේශයේ තරුණයින් පිරිසක් විසින් අදාළ තරුණයා අල්ලා පහරදී මාර්ගය දිගේ රැගෙන එමින් පොලිස් නිලධාරීන්ට භාර දී ඇත.
නමුත් මේ සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් සිදු කරන බවටත් පහර කෑමට ලක් වූ තරුණයා මේ වනවිට කොඩිකාමම් රෝහලේ ප්රතිකාර ලබන බවටත්ය.