Colombo Today Local News

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ දී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

එසේ විශ්‍රාම වැටුප අහිමි වන පිරිසෙන් 24ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර 34 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වෙති.

දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් 5 දෙනකුට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට ද විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමට වසර පහක නිල කාලයක් සපුරා තිබිය යුතුය.

2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඇතුළත් වන වත්මන් පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාලය ලබන වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැරී ඇති බලතල ප්‍රකාරව ලබන මාර්තු මස පළමුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් තීරණය කර ඇත.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගතවූ පසුවය.
ලබන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවොත් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රීවරුන් මෙසේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය
වරුණ ලියනගේ, මනෝජ් සිරිසේන, ඩී.බී. හේරත්, අංගජන් රාමනාදන්, මලිත් ජයතිලක, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, සාරති දුෂ්මන්ත, ඉන්දික අනුරුද්ධ, කාදර් මස්තාන්, කංචන විජේසේකර, නිමල් ලංසා, පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිරෝෂන් ප්‍රේමරත්න, සනත් නිශාන්ත, සිසිර ජයකොඩි, තාරක බාලසූරිය, උදය ගම්මන්පිල සහ විමලවීර දිසානායක.

එක්සත් ජාතික පක්ෂය
මොහොමඞ් ඉස්මයිල්, මොහොම්මදු නසීර්, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අරවින්ද කුමාර්, ආනන්ද අලුත්ගමගේ, අශෝක ප්‍රියන්ත, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චමින්ද විජේසිරි, චන්දිම ගමගේ, චතුර සේනාරත්න, දයා ගමගේ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතාරණගේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉම්රාන් මහරුෆ්, ඉෂාක් රහුමාන්, කරුණාරත්න පරණවිතාන, කවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක, මොහොමඞ් මන්සුර්, මුජුබර් රහුමන්, එම්. තිලකරාජා, නාලක කොලොන්නගේ, රෝහිණී කුමාරි විජේරත්න, එස්.එම්. මරික්කාර්, සන්දිත් සමරසිංහ, සිසිර කුමාර අබේසේකර, සුජිත් සංජය පෙරේරා, තුෂාර ඉඳුනිල්, වෛද්‍ය තුසිතා විජේමාන්න, එස්. වේලුකුමාර් සහ විජේපාල හෙට්ටිආරච්චි.

දෙමළ ජාතික සංධානය
ශාන්තිනී ස්කන්ධ රාජා, ඥානමුත්තු ශ්‍රීනේෂන්, චාල්ස් නිර්මලනාදන්, කේ. කෝඩිෂ්වරන්, වෛද්‍ය එස්. සිවමෝෂන් සහ එස්. වියලේන්ද්‍රන්,

ජනතා විමුක්ති පෙරමුණ
වෛද්‍ය නලින්ද ජයතිස්ස

Related posts

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

colombotoday