ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.
හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය 24 දා සිය ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් හිස්වූ තනතුර සඳහා මෙසේ ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කර ඇති ඔහු අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.