Colombo Today Local News

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න මතු කළත් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයකුට එය ප්‍රශ්නයක් වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් මින්පෙර රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කිරීමක් හෝ ඡන්දය දීමක් සිදු නොකළ බව සිහිපත් කළේය.

“විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළත් එතුමා ඊට පක්ෂව ඡන්දය දෙනවා. එහෙම අත්සන් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවකුත් නැහැ.මොකද? ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු නායකයා වන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.එතුමා ඊට අත්සන් කළා ” පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම ගැන අපේ කණ්ඩායමේ කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ. ඒ ගැන ප්‍රශ්න නො කළා පමණක් නොවෙයි. අපි එතුමාට කියන්නේ එවැනි යෝජනාවලට අත්සන් කරන්න එපා කියලයි”

එවැනි පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට බවත්පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියි.

BBC

Related posts

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුට

Admin

වසර 40 කට පෙර පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්.

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට තවත් නඩුවක්!

Admin

දකුණේ සිංහල ඡන්දවලින් 50%ක් සජිත්ටයි… ඔහු දිනවන්නේ මුස්ලිම් දෙමළ ඡන්දවලිනුයි – හකීම්

colombotoday