මැදවච්චිය නගරය නොනිදන නගරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (30) මැදවච්චිය නගරයේ පැවති ජන හමුවකදී පොරොන්දුවක් ලබා දුන්නා.
මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය සුරුපුරයක් කරන්න පනස් දෙහැවිරිදි සජිත් ප්‍රේමදාසට ශක්තිය දෙන්නයැයි ඔහු ඉල්ලීමක් ද කළා.
ඊයේ දිනයේදී රැස්වීම් 7ක් ඇමතීමට ඇති බවත් තමාට ඇත්තේ රණසිංහ ප්‍රේමදාසගේ ජාන නිසා මහන්සියක් නොමැති බවත් මහන්සියක් ආවත් ජනතාවගේ මූන බලන විට එය නැතිවී යන බවත් ඔහු එම අවස්ථාවේදී පැවසීය.