Colombo Today Local News

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිරගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා අද (23දා) සවස අනුරාධපුර නගරය ආසන්නේය පාසල් අසළ දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. ඒ සිය දරුවන් නිවෙස් කරා රැගෙන යාමට එකවර දෙමාපියන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙනි.

අනුරාධපුර ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලය, අනුරාධපුර කේ.බී.රත්නායක මිශ්‍ර පාසල හා අනුරාධපුර ජනාධිපති මිශ්‍ර පාසල ඉලක්ක කර පාසල් අවසන්වනවාත් සමගම ප්‍රහාරය එල්ල කිරීම සිදුවන බවට අසත්‍ය ඇමතුම ලැබීමත් සමග දෙමාපියන් විශාල වශයෙන් පාසල් අසළට රැස්වී සිය දරුවා ආරක්ෂිතව රැගෙන යාමට උත්සහයක නිරතවිය.

ශ්‍රේණි කිහිපයක පාසල් අවසන් වන වේලාව වූ සවස 1.15වූ අතර ඊට පෙර විද්‍යාලයන්හි අධ්‍යන කටයුතු හදිසියේ අවසන්කර දෙමාපියන්ට දරුවන් ලබාදීමට විද්‍යාලවල බළධාරින් කටයුතු කළේය.

මෙම දුරකථන ඇමතුමත් සමග අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජිව මහනාම මහතා ඇතුළු උසස් නිලධාරින් ඇතුළු විශාල පිරිසක් වහාම පාසල් අසලට ගොස් දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට කටයුතු කළහ.

එහෙත් එවැනි සිදුවීමක් සිදුවීමට කිසිදු ඉඩකඩක් නැති බව අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා පැවසුවේය.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව උතුරුමැද පළාත් සභා සංකීර්ණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට අසත්‍ය දුරකථන ඇමතුමක් ලැබීමත් සමග එදින පළාත් සභාවේ වැඩකටයුතු සම්පුර්ණයෙන්ම නතරකර සේවකයන් නිවෙස් කරා යැවීමට බලධාරින්ට සිදුවු බව ඒ මහතා පැවසුවේය.

එම ඇමතුම ලබාදුන් පුද්ගලයාම මෙම ඇමතුම දෙන්නට ඇති බවට සැකකළ හැකි බවත් ඒ මහතා පැවසුවේය.  මෙසේ අසත්‍ය ඇමතුම් දෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේය.

Related posts

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දුර්වල කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා-කාදිනල් තුමා

colombotoday

දරුවකු යොදාගෙන ඇෆ්ගන් ත්‍රස්‌තයෝ මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

colombotoday

පසුගිය පැය 24 ට නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්න

colombotoday

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday