World

බ්‍රසීලයේ ආදිවාසීන් වේගයෙන් කොරෝනා වෛරසයට බිලි වෙයි

කොරෝනා වයිරසය බ්‍රසීලයේ ආදිවාසීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළවී තිබේ.

පසුගිය මාසය තුළ ආදිවාසීන් අතර, රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පස්ගුණයකින් වැඩිවී තිබෙන බව ඒහිදී සොයාගෙන ඇත.

බ්‍රසීලයේ ගෝත්‍රික ජන කණ්ඩායම් 305ක් පමණ පවතින අතර ඔවුන් අතරින් 182 දෙනකු කොරෝනා හේතුවෙන් මේ වනවිට මියගොස් තිබේ.

බොහෝ වසංගත රෝග විද්‍යඥයින් විශ්වාස කළේ ගෝත්‍රිකයින් දුරස්ථ ප්‍රදේශ වල වෙසෙන බැවින් වයිරසයෙන් ආරක්ෂා වෙනු ඇති බවයි.

නමුත් බ්‍රසීලයේ සාවෝ පෝලෝ සහ රියෝ ද ජනයිරෝ නගර වල දැඩි ලෙස ව්‍යාප්ත වූ වයිරසය සෞඛ්‍ය සේවා අඩාලව පවතින ග්‍රාමීය පෙදෙස් වල වේගයෙන් පැතිරෙන්නට විය.

බොහෝ ආදිවාසී ප්‍රජාවන් වසූරිය, මැලේරියාව, සරම්ප හා ඉන්ෆ්ලුවෙන්සාව වැනි වසංගත රෝග හේතුවෙන් විනාශ වූ බවත් දැන් කොවිඩ් – 19 වසංගතය ඔවුන් කරා පැමිණ ඇති බවත් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

බ්‍රසීලයේ ගිණිකොන දිග පැරී හි සෝරෝ ගෝත්‍රික ගම්මානයේ මිනිසුන් පවසන්නේ ගැමියන් බෝහෝ දෙනකු රෝගාතුරව සිටින නමුත් කොවිඩ් – 19 පරීක්ෂණ රජය මගින් සිදුනොකරන බවයි.

ආදිවාසීන්ට සේවය කරන වෛද්‍ය ඒරික් ජෙනිංස් පැවසූයේ පරීක්ෂණ හිඟකම හේතුවෙන් සත්‍ය තත්ත්වය දැනගත නොහැකි වන බවයි.

ලොව දෙවැනියට ආසාදිතයින් සිටින බ්‍රසීලයට මියගිය ආදිවාසීන්ගේ ගණන කුඩාවට පෙනුනත් අවදානමට ලක්වූ ප්‍රජාවක් සම්බන්දයෙන් ඒය බරපතල කාරණාවක් බවද ඔහු පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි – 085)

Related posts

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

තලෙයිබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථාන හමුදාවන් පළා යයි – නගරයෙන් නගරයට සටන්කාමින් සිය බලය අල්ලා ගනී

colombotoday

ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය ආයතනවලට චීනයෙන් ඩොලර් මිලියන ගණනක් දීලා.

colombotoday

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

colombotoday

කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50 දෙනෙක් මරුට

colombotoday

අතුරුදහන්ව සිටි මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් හමුවෙයි

colombotoday