Colombo Today Local News

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය බවට සැක කෙරෙන වෑන් රථය හොරණ මොරගහහේන ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු රැදවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණි කැබ් රථය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාව සිය කැබ් රථය කිසියම් පුද්ගලයෙකුට උකසට තබා මුදල් ලබාගෙන ඇති බවයි. ඒ අනුව අදාළ කැබ් රථය පුද්ගලයින් කිහිප දෙනෙකු අතර හුවමාරු වී ඇති අතර, අවසන් වරට කැබ් රථය භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි පොලීසිය සදහන් කළේ.

මෙම ඝාතනය සදහා පැමිණි පිරිස මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් බවට ද පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා සමයං ඇතුළු රැදවියන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයට කළුතර බන්ධනාගාරය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ඊයේ උදෑසන 8.30ට පමණයි.

කැබ් රථයකින් පැමිණි පිරිසක් රැදවියන් ගෙන යමින් තිබූ බස් රථය හරස් කර, අසළ වන ලැහැබක සිටි තවත් පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

රැදවියන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් ගමන් කළ බන්ධනාගාර බස් රථයට ද මෙම පිරිස ප්‍රථමයෙන් වෙඩි තබා තිබෙනවා. පසුව ඔවුන් පැමිණි කැබ් රථය එහි දමා වෑන් රථයකින් පළා ගොස් ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

වෙඩි ප්‍රහාරය සඳහා පැමිණි පිරිස පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පැමිණ ඇති බවට ද සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණා.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ තවත් අයෙකු කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

Related posts

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday