Colombo Today Local News

පැහැරගත්තා කියන කාලය ඇතුලත ස්විස් එම්බසි සේවිකාව ශානි, කන්දප්පා සහ එජාප ලොක්කෙකු සමග කළ දේ හෙළිවෙය !

තමන් පැහැරගැනීමකට ලක් වූ බවට චෝදනා කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකා ගානිටා බැරිස්ටර්ගේ දුරකථන සංවාද අනුව තවත් තොරතුරු රැසක් හෙළිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර ඇත.

ඇය පැහැරගැනීමට ලක්වූ බව කියන කාලයේ දී ඇය විසින් ලබාගත් දුරකතන ඇමතුම් රාශියක විස්තර අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කර තිමේ.

ඒ අනුව පැහැරගත් බවට ඇය පවසන කාලය ඇතුළත රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට, එහි හිටපු පොලිස් පරීක්‍ෂන නිශාන්ත සිල්වාට, ලේක්හවුස් සභාපතිවරයාට, එහි මාධ්‍යවේදිනියකට, එජාප ප‍්‍රබලයෙක් වන ක‍්‍රිෂාන්ත කුරේට මෙසේ දුරකථන ඇමතුම් ලබාගෙන තිබේ.

පැහැරගැනීමට ලක්වූ අැයගේ කටට පිස්තෝලයක් එබීම නිසා භීතියට පත්වී කතා කරන්නට බැරිව උඩ බලාගෙන සිටින බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රකාශ කරන ලද කාලයේදී මෙම දුරකතන ජාලය ඇය විසින් පවත්වාගෙන ගොස් තිබීම විශේෂත්වයකි.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා කෙරේ

colombotoday

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

Admin

ගෝඨා සහ වාසු අතර එකඟතාවයක්

colombotoday

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

colombotoday