පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු හමු වීමත් සමගම එය තවදුරටත් සමාජගත වීම වැළැක්වීම සඳහා එම නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වයට පත්කළ බව පානදුර සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්ලය පවසයි.
එම නිවාස සංකීර්ණයට පිවිසීමට තිබෙන මාර්ග 3ක් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා එයින් පිටතට යාමට හෝ නිවාස සංකීර් ණය වෙත යාමට නොහැකි ලෙස ආරක්ෂාව තර ඇත.