Colombo Today Local News

පරිප්පු මිළ ඉහළට !

වැඩි දෙනකුගේ ඉල්ලුමක් ඇති පරිප්පුවල මිලත් ඉහළ යනු ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ඉහළ යාමත් සමග මෙම මිල වැඩි වේ.

ඉන්දියාවේ පසුගිය කාලයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම රටේ පරිභෝජනයට වාර්ෂිකව අවශ්‍ය වන ටොන් මිලියන දෙකක ප්‍රමාණයක අස්වැන්නක් නොලැබීම නිසා ඔවුන්ද පරිප්පු ආනයනය කරන බව වාර්තා වේ.

මීළඟට පරිප්පු වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල පසුගිය කාලයේ පැවති නියං තත්ත්වය හේතුවන් එහි නිෂ්පාදනය අඩුවී තිබේ.

වසරකට මෙරට පරිප්පු පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ වේ. දැනට වෙළෙඳපොළේ පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 128ක මිලකට අලෙවි වෙයි.

Related posts

‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු පිරිසක් අල්ලති

colombotoday

පෙට්‍රල් බවුසරයක් කරණම් ගසයි

colombotoday

ජාතික ගීයත් ද්‍රවිඩ බෙදුම්වාදයට බිළි දීලා.. ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්!

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday