Colombo Today Local News

නිරෝධායනය වූ නාවික හමුදා සාමාජිකයින් 70 දෙනෙකු පිටවෙයි

කිලිනොච්චිය, ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය ලද නාවික හමුදා සාමාජිකයින් 70 දෙනෙකු සාර්ථකව නිරෝධායනය අවසන් කර අද(06) පිටත්වු බව කිලිනොච්චිය, ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් රොහාන් පතිරණ මහතා පවසයි.

පතිරණ මහතා පැවසුවේ වැලිසර නාවික කඳවුරේ සිට ගුවන් හමුදා කදවුරු නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණ දින 21 ක කාලයක් සාර්ථකව නිරෝධායනය අවසන් කොට අදාළ කණ්ඩායම පිටත්ව ගිය බවයි.

කොරෝනා වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත ගුවන් හමුදා කඳවුරු කිහිපයක නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කොට නිරෝධායනය සඳහා යොමුකළ බවත් එහිදී ඔවුන්ට සියළු පහසුකම් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

ගොවින් සාධාරණ සහතික වී මිලක් ඉල්ලයි…

colombotoday

පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝඨාභයයි.. ග්‍රීන්කාඩ් පුරවැසිභාවයට ආයුබෝවන් කියා මව් බිමට පාතබයි

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin