World

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල නරඹන්නන් සඳහා යළි විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක පමණ කාලයක් ටජ්මහල ඇතුළු ඉන්දියාවේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන නරඹන්නන් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබුණි.

වෛරස් ව්‍යාප්තියේ අවදානම දිනෙන් දින වර්ධනය වුවද ටජ්මහල ඇතුළු නැරඹුම් ස්ථාන හෙට (06) දිනයේ සිට විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් තීරණයකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ටජ්මහල නැරඹීම සඳහා දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000කට සීමා කර ඇති අතර මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනිවාර්යය කර තිබේ.

Related posts

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

Admin

දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ප්‍රචලිත කරන්න හැදූ කාටාර් ජාතිකයන්ට මක්කම යෑමත් තහනම් වෙයි.

colombotoday

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයට

colombotoday

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

colombotoday