මධ්‍යම නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරායාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්ධන ප්‍රවාහන කරමින් තිබූ ටැංකියක තිරිංග අක්‍රීයවිම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කර තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් මියගිය පුද්ගලයින් අතර පෙර පාසල් සිසුන් ඇතුළු සිසුන් කිහිප දෙනෙකු ද වන බව සඳහන්ය.
මියගිය පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකුම හඳුනාගැනිමට නොහැකි ආකාරයෙන් පිළිස්සී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.