Colombo Today Local News

දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 අත්අඩංගුවේ

දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ නිවාරණය සම්බන්දයෙන් පසුගිය 6වනදා රාත්‍රී 12.00 සිට ඊයේ (07)දින රාත්‍රී 12.00 දක්වා අදාළ වැටලීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙහිදී හෙරොයින් ග්‍රෑම් 189කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 163ක් අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 176කට අධික ප්‍රමාණයක් සමඟ සැකරුවන් 11ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශ නිවේදනය කළේය.

මීට අමතරව බෙහෙත් කොටන තුවක්කු 06ක් සමග සැකකරුවන් 5 දෙනෙක් ද නීති විරෝධි මත්පැන් ලීටර් 3, 310ක් සමගින් සැකකරුවන් 367ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

එමෙන්ම වරෙන්තු නිකුත් කර සිටි පුද්ගයින් 297ක් සහ වෙනත් වැරදි සඳහා සැකකරුවන් 782ක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

නාඩු 350 දක්වා ඉහළ යන ලකුණු

Admin

මහින්දට සුබ පතන්න මහ සෙනග වැළ නොකැඩී එයි.. වැද වැටෙති.. අත සිඹිති.. සෙල්ෆි ගන්න පොරකති

colombotoday

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

colombotoday

අපට පොරොන්දු ඉටු කරන්න බැරිවුණා.. ජනතාව අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා – අගමැති

colombotoday

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

colombotoday

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

colombotoday