Colombo Today Local News

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් 200 දෙනෙකු බන්ධනාගාර නියාමකවරුන් ලෙස වහාම බඳවා ගැනීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් ඒ සඳහා බඳවා ගැනීමට අදාළ අයදුම්පත් පුවත්පත් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

බන්ධානාගාර නිලධාරීන් ලෙස බඳවා ගන්නා පුද්ගලයන් බන්ධනාගාර බුද්ධි අංශ ඇතුළු විශේෂිත සේවාවන් වෙත අනුයුක්ත කිරීමට නියමිත බව පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

“වසර 12ක සේවා කාලයකින් පසු නීත්‍යානුකූලව ඉවත්වූ ත්‍රිවිධ හමුදාවේ සෙබලුන්, සෙසු නිළ බන්ධනාගාර නියාමක තනතුරු සඳහා බඳවා ගන්නවා. විශේෂ ආරක්ෂණය, බුද්ධි තොරතුරු වැනි කාර්යයන් සඳහා මෙම කණ්ඩායම් අවශ්‍යව තිබෙනවා.”

Related posts

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday

සහරාන් ඇතුළු ත්‍රස්තයන් ප්‍රහාරයට පෙර තවත් 38ක් සමග අවසන් පුහුණුව කරපු කදවුරක් නුවරඑළියෙන් සොයාගනී…

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32 කට නඩු

colombotoday

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

නීතියට එකග නෑ, ව්‍යවස්ථාවටත් පටහැනියි “ඔබට මෙහෙ නඩු අහන්න බෑ“ – හිටපු ජනපති ජපන් විනිසුරුට කියයි

colombotoday