Colombo Today Local News

ජනාධිපතිවරණය වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින්.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කළ නිතීඥවරයා පවසන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි.

එම සංශෝධනය ජනමතවිචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණත් එය ජනමතවිචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බවත් පෙත්සම්කරු පවසනවා.

අදාළ සංශෝධනය ජනමතවිචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙනවා.

Related posts

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

විජයකලාගේ බංකලොත් බාවය වසා ගන්න දෙමල ජනතාව බෙදුම්වාදයට තල්ලු කරනවා – හිංදු සම්මේලනය

colombotoday

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday