Colombo Today Local Newsfeatured

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි. ශ‍්‍රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි යනුවෙන් කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප‍්‍රකාශ කළේය.

වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අදහස්‌ දක්‌වමිනි.

පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්‌කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්‍ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස්‌ ප්‍රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්‍ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.

Related posts

සයිටම් විරෝධී සත්‍යග්‍රහයට රනිල්, මෛත්‍රී, රාජිත, කිරිඇල්ල සමග නෙවිලුත් එයි (Photo)

colombotoday

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

(VIDEO) ෆොන්සේකාගේ අවළදාවලට ගෝඨාගෙන් කණ රත්වෙන්න පිළිතුරු

colombotoday

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin