Colombo Today Local News

ජනතාව ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නෙමෙයි – අකිල විරාජ්

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ අවස්ථාවට අධිකරණයට ඊයේ (29)දින පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා,

“එක්සත් ජාතික පක්ෂය 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පතට පෙත්සම් දෙකක් ගොනු කළා. ඒ වගේම අපි ඒ සඳහා විරෝධතාවය පළ කරනවා. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා, ඒ වගේම විගණනය, ජනාධිපතිවරයාගේ මුක්තිය ආදි කරුණු ගණනාවක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විදියට අපේ විරෝධය පළ කරලා තියෙනවා විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් අධිකරණයට එන්නත් අපි තීරණය කළා. පාර්ලිමේන්තුවට සංශෝධනය කරන්න එකඟවෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ආණ්ඩුව කෙටුම්පතක් වශයෙන් ගෙනල්ලා තියෙන දේවල් බැලුවහම අපිට කිසිසේත්ම මේ රටේ නිදහස අගයන, මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අගයන කිසිවෙකුට එකඟ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ජනාධිපතිතුමාට බලය දුන්නේ, විධායක බලය මිසක් ව්‍යවස්ථාදායක බලය නෙමෙයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමයි ජනතා පරමාධිපත්‍ය බලය ඒ සඳහා ලබා දීලා තියෙන්නේ.” යනුවෙන් පැවසීය.

Related posts

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළට – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

colombotoday

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

colombotoday

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday