Colombo Today Local News

චීනයට ඉඩ නෑ, අලුත් ගිවිසුමකින් පොර්ට් සිටී අරඹන්න රජයේ අනුමැතිය.

port

නව ගිවිසුමක් යටතේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළිත් ඇරඹීමට රජය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසූවේ නව එකගතාවයන් මත අදාල ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට චීන රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වමින් සිටින බවයි. එහි පරිසර ශක්‍යතා වාර්තාව මේ වන විටත් සකස් කර අවසන් බවත් අදාළ නව ගිවිසුම යටතේ එළඹෙන වසරේ මුල් කාලයේදී ව්‍යාපෘතියේ වැඩ යළි ආරම්භ කිරීමට නියමිත බවත් සේනසිංහ මහතා පවසනවා.

අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පෙර ඇතිකරගත් ගිවිසුම අනුව වරාය නගරයෙන් හෙක්ටාර් 20ක පමණ භූමි භාගයක් චීනයට හිමි වුවද නව ගිවිසුම යටතේ භූමියෙක් කිසිදු කොටසක් චීනයට අයත් නොවන බවද ප්‍රකාශ වෙනවා.

ඉදිරියේ දී චීනය මෙන්ම ඉන්දියාව සමගද මේ සම්බන්ධයෙන් වූ නව ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවයි ඇමතිවරයා පවසන්නේ. රජය විසින් කිසිදු ව්‍යාපෘතියක් අවලංගු කර නොමැති බවත් අදාළ ගිවිසුම් පිළිබදව නිසි ඇගයීමක් හා අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමක් පමණක් සිදු කරන බවත් ඇමතිවරයා සදහන් කළා.

Related posts

මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිබ්බේ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. – හිරුණිකා පාර්ලිමේන්තුවේදී කියයි..

colombotoday

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

කන්න බැරි හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නේ නෑ

Admin

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

colombotoday

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන්ගේ පලමු කතාවෙන්ම ජාතිවාදී ගිනි අවුලයි. ඥානසාර හිමි නොමැති අඩුව දැනෙයි.

colombotoday