Colombo Today Local News

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංචාරක සීමාවන් අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරමින් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දින දක්වා දීර්ඝ කර තිබේ.

එහෙත් රජයට සහාය දැක්වීම සදහා අත්‍යාවශ්‍ය බෙහෙත් ඖෂධ , වෛද්‍ය සම්පත් සහ උපකරණ සහ අත්‍යාවශ්‍ය සේවා සදහා පහසුකම් සැපයීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ගුවන් භාණ්ඩ ප්‍රවාහන ජාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ .

මෙමගින් අවදානම් කාලපරිච්ඡේදය තුළදීත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විදේශ විනිමය ආදායම රට තුළට ගෙන ඒමට ඒ අනුව කටයුතු කරමින් සිටිති .

එමෙන්ම විදේශ රටවල සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් , අවශ්‍ය පරිදි විශේෂ මගී ගුවන් ගමන් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරමින් සිටිති .

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු , ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් හෝ ළගම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයෙන් විමසීමෙන් හෝ +94117771979 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com  වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය .

Related posts

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

colombotoday

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

colombotoday

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

හිටපු ජනපතිගේ ආරක්ෂාවට සේවයෙන් විශ්‍රාමික ගිය කමාන්ඩෝ බල ඇණියක්

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday