Colombo Today Local News

“ගැටුම්වලට හවුල් යැයි රාජිත කී මන්ත්‍රීන් දෙදෙනා හෙළිකරන්න” – ඒකාබද්ධය, ජවිපෙ ඉල්ලයි

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලට මුලික වී ජාතිවාදී ගිනිදැල් ඇවිලීමට කටයුතු කර ඇතැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව වහාම රටට හෙළි කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (8) ඉල්ලා සිටියහ.

දිනමිණ පුවත්පතේ ඊයේ (7) පළ වු ප්‍රධාන පුවත උපුටා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙම ඉල්ලීම සිදුකළහ.

පෙරේදා (7) දින කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළි කළ කරුණු අනුව මෙරට ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පත පළකර ඇති පුවතේ තොරතුරු අනුව ජාතිවාදය වැපුරූ පුද්ගලයන් කවුරුන්දැයි යන්න වහාම රටට හෙළිවිය යුතු බවත් මෙම පුද්ගලයන් පිළිබඳව දැන ගැනීමේ අයිතිය සියලුම මහජන නියෝජිතයන්ට ඇති බවත් සඳහන් කළේය.

දිනමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තරලය හා අනු සිරස්තල උපුටා දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරු මේ බව සඳහන් කළහ.

ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා- විමල් විරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී බරපතළ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එතුමා කිවුවා ඊයේ කුලියාපිටියේ කඩවලට ගිනි තබා ඇති බව. එයට මන්ත්‍රීවරයෙක් සම්බන්ධ බවත් පොලිසියට ඉහලින් ආ බලපෑමක් නිසා ඔහු නිදහස් කළා කියලාත් කීවා. මෙය සම්පූර්ණ අසත්‍යයක්. පොලිසිය ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා. කඩ ගිනි තබා නැහැ. සිද්ධි දෙකක් සිදුවී තිබෙනවා. කොත්තු දාන කඩයක වීදුරුවකට පහර දීමක් පමණක් සිදුව තිබෙනවා.

කිසිම මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරයකුට සම්බන්ධ කෙනෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මේවාගේ අසත්‍ය දේවල් කියමින් මේ කරන්නේ ජාතිවාදය ඇවිස්සීමක්. පොඩි ඡන්දයක් දිනලා මෙහෙම ආරවුල් ඇති කරනවා නම් ලොකු ඡන්දයක් දිනුවොත් කොහොම තියේවිද?

මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා- මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වි තිබෙන මෙම ගැටුම් තත්ත්වය වහාම මැඬ පවත්වා ගැනීම වෙනුවෙන් අපගේ පූර්ණ සහාය ලබා දෙනවා. නමුත් රජයේ පුවත්පත වන දිනමිණ පුවත්පත මෙම සිද්ධිය පදනම් කරගනිමින් මෙම සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් සම්බන්ධ බවට පුවතක් පළ කර තිබෙනවා. මේක ජාතික ප්‍රශ්නයක්. සුළු කොට සළකන්නට බැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පුළුල් අවධානය යොමු කළ යුතුයි. මෙම සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ බව ආණ්ඩුව සඳහන් ක‍රනවා. කවුරු හරි මෙයට සම්බන්ධ නම් නීතිය ක්‍රියාත්මක කරන්න. රටක් ගිනි ගන්නවා. මන්ත්‍රීවරු අල්ලල හිරේ දාන එක නෙවෙයි විය යුත්තේ

Related posts

ජනපතිවරයා දෙමළ ජනතාව රැවැට්ටුවා… අපට ඕන එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන අගමැතිවරයෙක්…

colombotoday

“යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරිකළයට හිරුණිකා ගොම දැම්මා” – රන්ජන්

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

colombotoday

ශ්‍රී ලංකාවේ ටයර් වලට ඇමරිකාවෙන් විශේෂ බද්දක්.. රබර් කර්මාන්තය අවදානමක !!

colombotoday