Colombo Today Local News

කොළඹ ජාතික රෝහලෙන් බැහැර කෙරෙන මිනිස් ශරීර කොටස් පැටවූ කන්ටේනරයක් අනුරාධපුරයේදී පොලිස් භාරයට

කොළඹ ජාතික රෝහලෙන් බැහැර කෙරෙන බව කියන මිනිස් ශරීර කොටස් ඇතුළු අපද්‍රව්‍ය කන්ටේනරයක් අනුරාධපුරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, තිරප්පනේ, පුංචිකුලම, වෙල්ලමුදාව ප්‍රදේශයේ අතහැර දැමු බොරළු වලකට ඊයේ රාත්‍රීයේ බැහැර කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු සමඟයි.

ප්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ අදාළ සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා එම කන්ටනේරය ද සමග තිරප්පනේ පොලිසිය වෙත භාරදී ඇති බවයි.

මෙම අපද්‍රව්‍ය පොලිතීන් උරවල අසුරා අඩි විස්සක ප්‍රමාණයේ දිගින් යුතු කන්ටේනරයේ සම්පූර්ණයෙන් පටවා තිබු බව ද සඳහන්.

මොවුන් මීට පෙර ද දෙවතාවක් රාත්‍රී කාලයේ රහසේ පැමිණ අදාළ බොරළු වල වෙත රෝහල් අපද්‍රව්‍ය අඩංගු පොලිතීන් උර විශාල ප්‍රමාණයක් බැහැර කොට පළා ගොස් තිබෙනවා.

වෙල්ලමුදාව ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් ද පැවති බවයි.

මෙලෙස මුදාහැරෙන පොලිතීන් උරවලට ඔවුන් විසින් පෙට්ට්‍රල් දමා ගිනි තබා තිබුණ ද, එම අපද්‍රව්‍ය සතුන් විසින් ප්‍රදේශය පුරා ඇද දැමීම හේතුවෙන් දැඩි පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබු බව සඳහන්.

ඊට අමතරව ගිනි තැබු අපද්‍රව්‍ය අතර වීදුරු බෝතල්, සේලයින් බට, එන්නත් කටු සහිත සිරින්ජර් සහ වෙළුම්පටි බොහෝ ප්‍රමාණයක් නොපිළිස්සි තිබෙන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

මෙලෙස ඊයේ දිනයේදී අල්ලා පොලිසියට භාරදුන් අපද්‍රව්‍ය පිරවූ කන්ටේනරය සහ සැකකරුවන් අද පෙරවරුවේ තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේ විවෘත කර තිබෙනවා.

එහිදී මිනිස් ශරීර කොටස් බහා තිබු උර රැසක් සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

පොලිස් භාරයට ගත් කන්ටේනරය දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ වන අතර පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය රැගෙන ආ රියදුරු සහ සෙසු පුද්ගලයින් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි.

මෙම අපද්‍රව්‍ය කොළඹ ජාතික රෝහලට අයත් ඒවා බවයි, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ, තම රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව ආයතන දෙකකට පවරා ඇති බවයි.

ඉන් එක් ආයතනයක් දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු ආයතනයක් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

මේ අතර තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

colombotoday

මැති ඇමති සගයෝ මගහරිති… සුවදුක් බලන්න කවුරුත් නොඑයි… රන්ජන් වැලිකඩ තනිවෙයි !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ගෙතූ සුරංගනා කථාවක්ද?

Admin

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

colombotoday

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් ආපසු යවයි. සම්පුර්ණ විමර්ශන ගොනු එවන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිගෙන් ලිඛිත උපදෙස්.

colombotoday