පසුගිය වසර තුන තුල පුවත් මවන සංවිධානයක් බවට පත්වතිබු බොදු බල සේනා සංවිධානය පසුගිය මාස දෙක තුල නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා. එම නිහැඩියාව බිදිමින් “ත්රස්තවාදීන් නිදහස් කරමින් සහ බුද්ධි අංශ දුර්වල කරමින් සිටින මොහොතක දකුණු ආසියාවට සහ ශ්‍රී ලංකාවට ඇති ත්‍රස්තවාදී අනතුර හෙළිකරීම” අරමුණු කරගන අද උදේ 11 ට බොදු බල සේනා විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබෙන අතර සිව් වනක් පිරිස සමගින් තම සුපුරුදු වැඩකටයුතු ඉදිරියට සිදු කරන බවයි ColomboToday.com සිදු කල විමසීමකදී එම සංවිධානය සදහන් කලේ.