Colombo Today Local News

කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි 2ක්

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට අද (24)දින පැමිණිලි 2ක් ඉදිරිපත් වුණි.

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සුරකිමු දේශය ජාතික සංවිධානය අද පොලිස් මූලස්ථානයටත් අද පැමිණිලි ඉදිරිපත් කළේය.

පසුගියදා අම්පාර ප්‍රදේශයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ එල්.ටී.ටී.ඊ. නැගෙනහිර සන්නද්ධ අංශ නායක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් “තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩ දි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බව”ත් කියා සිටියේය.

ඒ අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කරුණා අම්මාන් එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

නමුත් අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි කරුණා අම්මාන් අද දිනත් එහි පෙනී සිටියේ නැහැ.

Related posts

කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ඇරඹීමට පියවර

colombotoday

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

colombotoday

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

නීෂා බිස්වාල් ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව හමුවෙයි.. ලංකාවේ ප්‍රතිසංධානය ගැන සාකච්ඡා

colombotoday

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday