Colombo Today Local News

කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 පාස් ප්‍රසන්න ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රසන්න රණතුංග මහතා කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 වසර පමණක් සමත් අයෙක් බවත් උගත් අයෙක් පාර්ලිමේන්තු යනවාට ඔහු කැමති නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එනිසා ඔවුන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුවට අට පාස් අය ගෙන්වාගැනීමට යැයිද ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට උගත් බුද්ධිමත් අපේක්ෂකයින් තරග වදින නිසා සාමාන්‍ය පෙළවත් සමත් නැති ප්‍රසන්න රණතුංග මහතාට එය අභියෝගයක් වී ඇති බවත් මෙම අඩුව වසා ගැනීමට වෙනත් අයට මඩ ගැසීම සිදු කරන බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.

ජයසේකර මහතා මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

අගමැති රනිල්ගේ නිවස අවට ආරක්ෂාව තර කෙරේ

colombotoday

නියමිත බදු නොලැබේ නව බදු පැනවීමට සාකච්ඡා

Admin

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

ඉන්ධන මිල අඩුකළ හැකි – ඇමැති කියයි

colombotoday

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මාසයක් රට සවාරියේ

Admin

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

colombotoday