Colombo Today Local News

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ.

received_10154589710235420කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය අද සන්ධ්‍යාවෙහි  (2016-11-02 ) ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වූවාය.  කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රාඩ් ෆෝඩ් (Brad Ford) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයෙන් (London School Of Economics) ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද දිනා ගත්තාය.  අනතුරුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හෙබවූ ඇය මිය යන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටියාය. දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා (Martyn Dicker)සමගය. ඇය මිය යන විට හතළිස් වන වියෙහි පසු වුවාය.   ඇයගේ අන්තිම කැමැත්ත පරිදි අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේදී  සිදු කෙරෙනු ඇත.

Related posts

මහමැතිවරණය දිනා අගමැති ධුරය භාරගෙන පියා එකල දැරූ සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගන්නා බව සජිත් කියයි

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිවේගී නොතීසියක්.. අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියොන් එනවා, ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඉල්ලනවා, සමලිංගිකයන් ලියුම් ලියනවා, හිමියනි රතන වනගත වුණිද ඔබ (Video)

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday