Colombo Today Local News

එළවළු මිළ ඉහළට… හාල්,සීනි,මිරිස් ගිනි ගණන්… ජනතාවට අමාරුයි

එළවළු, මිරිස්, සීනි සහ සහල් මිළ අධික ලෙස ඉහළ යාම නිසා පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. සම්බා සහල් කිලෝවක මිළ රුපියල් 100ත් 120ත් අතර මුදලකට සහ සීනි කිලෝවක් රුපියල් 100 ඉක්මාවා ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේය.

අමු මිරිස් කිලෝවක මිළු මේ වන විට රුපියල් දහස ඉක්මවාගොස් තිබෙන බවත් මීට අමතරව පහත රට සහ උඩරට ප්‍රදේශවල වගා කරන සෑම එළවළුක්ම කිලෝව රුපියල් 100 ඉක්මවා ගොස් තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

එළවළු මිල ඉහළ යාමට අමතරව ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක මිල රුපියල් 175 ත් 200 ත් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මීට සතියකට පෙර රුපියල් 60 ත් 65ත් අතර මුදලකට අලෙවි වූ නාඩු සහල් සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 80 ඉක්මවා ති‍බෙන බවත්, මෙලෙස භාණ්ඩ මිල ඉහළ යාම හරහා සාමාන්‍ය ජනතාවට තම දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන බවත් රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

Related posts

මහබැංකු මගඩිය: අර්ජුන් මහේන්ද්‍රන්ට තවමත් දඩුවම් දීලා නෑ – ඇමරිකාව කියයි

colombotoday

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපති ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතයි

colombotoday

අමල් පෙරේරා බේරා ගැනීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වෙයි

colombotoday

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

colombotoday