ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිති පවසනවා.
පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත් විය.