Colombo Today Local News

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16)  වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි.

Related posts

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

colombotoday

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

Admin

මහනුවර මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ! කෝච්චිය පොල්ගහවෙළින් නවතී

colombotoday

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin