අමාලි සෙවනගල මයුරගම ප‍්‍රදේශයේ පදිංචි දැරියකි. වයස අවුරුදු පහළවකි. තවම පාසල් යන වයසේ සිටින ඇය එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදැරුවාය. ඇය ඉගෙනීමට වඩා විෂය බාහිර කටයුතුවලට වැඩි දක්ෂතාවයක් දැක්කුවාය. පංතියේ අන් සිසුවියන්ට වඩා ඇයගේ සිරුර පවා වර්ධනය වී තිබුණි. එලෙසම ඇයගේ මුහුණේ අමුතුම ලස්සනක් තිබුණි. එම නිසා පාසල තුළ ඇය ජනප‍්‍රිය චරිතයක් බවට පත් වුවාය. විශේෂයෙන්ම පිරිමි ළමයි අතරය.
අමුතුම ලස්සන නිසාමදෝ සමහර පාසල් සිසුන් පැමිණ අමාලිගේ ආදරය පැතුවේය. එහෙත් ඇය ඒ කිසිවෙකුටත් කැමති නොවීය. ඇගේ සිතේ රැදී තිබුණේ වෙනම රැවකි.
නලීන් එම ප්රදේශයේම පදිංචි තරැණයෙකි. පාසල් අධ්යාපනය හමාර කළ ඔහු නිවසටවී කාලය ගත කළේය. හරි හමන් අධ්‍යාපනයක් නොලද ඔහුට ස්ථීර රැකියාවක්ද සොයා ගැනීමට නොහැකි විය. දෙමාපියන්ගේ මුදල් වලින් යැපුණ ඔහු කොටින්ම කියතහොත් රස්තියාදු කාරයෙකි.
මිතුරන් සමග රස්තියාදු ගැසීම, මත්පැන් පානය කීරිම, තරැණියන් පසු පස යැම ඔහුගේ දෛනික කටයුක්තක් විය. එම නිසා ගමේ බොහෝ මිනිසුන් ඔහුව හැදින්වුයේ රස්තියාදු කාරයකු ලෙසින්ය.
දිනක් නලීන් අමාලිව දුටුවේය. ඒ ඇය පාසල් නිමවී නිවසට යමින් සිටි අවස්ථාවකදීය. එම මොහොතේම ඔහුට අමාලි ගැන සිතක් පහළ විය. ” මැයව කොහොම හරි මගේ කරගන්න ඕනා. බලන්න ඇය කොතරම් සුන්දරද කියලා. කවුරැවත් කොල්ලේක් ඉන්නවද දන්නේ නැහැ. ඒ හිටියත් කමක් නැහැ කොහොම හරි ඇයව යාලූ කරගන්නවා.‘‘ නලීන් එලෙස සිතුවේය.
පසු දින උදාවිය. නලීන් තම මිතුරකු සමග අමාලි ඉගෙනුම ලබන පාසල අසළට ගියේය. ඒ ඇය ගැන තොරතුරු සොයා ගැනීමටයි. දන්නා හ`දුනන පාසල් සිසුවකුගෙන් අමාලිගේ හැඩරුව කියා නලීන් ඇය ගැන විමසුවේය. හැඩරුව කියු පමණින් එම පාසල් සිසුවා ඔයනම් අමාලි විය යුතුයැයි පැවසුවේය.
‘‘ පාසල් නිම වෙන වේලාවට නැවත පැමිණෙන්න. එතකොට ෂුවර් එකටම කවුද කියලා දැන ගන්න පුලූවන්.” එම පාසල් සිසුවා නලීන්ට පැවසුවේය. ඒ අනුව ඔහු එම ස්ථානයෙන් පිටවිය.
නැවත පාසල් අවසන් වන වේලාවට නලීන් පැමිණ පෙරකී පාසල් සිසුවා මුණ ගැසුණි. මුණ ගැසී මෙලෙස කතා බස් කළහ.
‘‘අයියේ පෙන්වන්න කවුද කියලා දැන් තමයි ගහැණු ළමයි එළියට එන්නේ.”
‘‘ හරි මම පෙන්වන්නම්.”
එලෙස කියා ඔවුන් දෙන්නා පසෙකටවී පාසල නිමවී පැමිණෙන ගැහැණු ළමයි දෙස බලා සිටියහ. විනාඩි කිහිපයක් එලෙස බලා සිටි පසු එක්වරම නලීන් කටහඩ අවදි කළේ මෙලෙසින්ය.
‘‘අර නිල් පාට බෑග් එක එල්ලන් එන්නේ. අන්න එයා ගැන තමයි මම කීවේ.”
‘‘ අයියෝ ඒ අමාලි තමයි. මම කිවුවේ අයියා කියපු හැඩරුවෙන්ම ඒ එයා කියලා.”
‘‘ මල්ලී එයා ගැන විස්තර ටිකක් කියන්න.”
‘‘ එයා ඉන්නේ මයුරගම පැත්තේ. දහය වසරේ තමයි ඉගෙන ගන්නේ. දන්න තරමට කා එක්කවත් යා`ථවෙලා නැහැ. කෙල්ල ටිකක් ආඩම්බරයි.”
‘‘ හරි හරි මම ආඩම්බර කම මම බලාගන්නම්. දැන් ඔයාට තියෙන්නේ මට උදව් කරන එක තමයි.”
‘‘හරි මම අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම්.”
දෙදෙනාගේ කථාව එතැනින් නිම විය. ඉන් පසු සැම දිනකම පාහේ නලීන් ඇය පසු පස ගියේය. එලෙස ගොස් ඇයගේ ආදරය පැතුවේය. අමාලී ඔහුට එක්වරම කැමති නොවුවාය. එහෙත් ඇයගේ අකමැත්තක්ද නොතිබුණි. නලීන්ද ඒබව දැන සිටියේය.
දිනක් අමාලි තම හොදම යෙහෙළිය වන තමාරාට මෙලස පැවසුවාය.
‘‘ තමාරා මගේ පස්සෙන් කොල්ලෙක් එන්නේ.”
‘‘ ඔව් මට අර කියන්නේ.”
‘‘ අන්න හරි එයා ගැන තමයි.”
‘‘ ඉතින් දැන් ඇයි එයා ගැන මතක් කරන්නේ.”
” නැහැ බන් මම ඒ කොල්ලට කැමතියි. කියන්න තරම් වරදක් පෙන්නේ නැහැ. මගේ හිතේ තිබුණේත් ඒ වගේ කොල්ලෙක් තමයි. එයා හරි හොදයි වගේ.”
‘‘ හරි උබ කැමතිනම් එච්චරයි. කල් දාන්නේ නැතිව කියපන් එයාට උඹගේ හිතේ තියෙන දේ. නැතිනම් එයා වෙන කෙල්ලෙක් එක්ක යාලූවෙයි.”
පසුදිනත් සුපුරැදු පරිදි නලීන් ඇය පසු පස පැමිණියේය.පැමිණ වෙනදා වගේම ඇය සමග කථා බහ කළේය. එලෙස ගතවුයේ ටික වේලාවකි. අමාලි තම ආදරය ඔහුට ප‍්‍රකාශ කළේය. එතැන් සිට ඇයගේ එකම ලෝකය වුයේ නලීන්ය. තම පාසල් වැඩ පවා පසෙක දමා ඇය ඔහුට ආදරය කළාය.
නලීන් ද ඇයට ආදරයක් පෙන්නුවේය. ඒ සැබෑ ආදරයක්නම් නොවේ. ඔහුගේ සිතේ තිබුණේ ඇය ගැන වෙන අදහසකි. මේ කිසිවක් නොදත් එම අසරණිය නලීන්ට තම පණ දෙවනි කොට ආදරය කළාය. මාසයක් පමණ එලෙස ගවේ ගියේය.
දිනක් දෙදෙනා පෙම් සුව විදින අතර නලීන් මේලෙස පැවසුවේය.
‘‘ මම ඔයාට දෙයක් කියන්න හිටියේ බබා.”
‘‘ ඒ මොකක්ද අයියේ.”
‘‘මට ඔයත් එක්ක නිදහසේ ඉන්න ඕනා.”
‘‘ ඉතින් මේ ඉන්නේ.”
‘‘ නැහැ මේහෙම නොවෙයි ඔයාගේ තුරුළට වෙලා ඉනන ඕනා.”
‘‘ ඉතින් මෙතන ඉන්න. මමත් ආසයි.”
‘‘ මෙතන බැහැ බබා හැමොටම පේනවා.”
‘‘ එහෙනම් කොහෙදීද පුලූවන්.”
‘‘අපි රූම් එකකට යමු බබා.”
‘‘ ඔයාට පිස්සුද? මම තවම පොඩි ළමයෙක්.”
‘‘ මම ඒක දන්නවා. එහෙම ගියා කියලා මම ඔයාට කරදර කරන්නේ නැහැ. ඇ`ගටවත් අත තියන්නේ නැහැ. ඔයා ළගට වෙලා ආදරයෙන් ඉන්නවා. එච්චරයි.”
‘‘ අනේ අයියේ වෙන ඕන දෙයක් ඉල්ලන්න. ඒකනම් බැහැ. මමත් ආසයි ඔයා ළග ඉන්න. එත් බයයි අයියේ ඒ වගේ තැන් වලට යන්න.”
‘‘ එහෙම කියන්න එපා මගේ යාලූවෝ හැමෝම යනවා ඒ ගොල්ලන්ගේ ගර්ල් ලත් එක්ක. ඔයා විතරයි එන්නේ නැත්තේ. ප්ලීස් බබා එන්න. ප්ලීස්.”
‘‘ අනේ අයියේ මම කිවුවනේ බයයි කියලා. මම තවම පොඩියිනේ.”
‘‘ ඔයා බය වෙන්න එපා මම ඉන්නවා ඕනම දේකට.”
දෙදෙනාගේ කථාව එතැනින් නිම විය. පසුදින උදාවිය. එදින පාසල් නිවාඩු දිනයකි. අමාලි උපකාරක පන්තියට සහභාගී වන බව පවසා නිවසින් පිටවිය. කෙළින්ම ඇය ගියේ නලීන් හමුවීමටයි.
එදින නලීන් වෙනදටත් වඩා වේලාසින් ඇය හමුවීමට පැමිණ සිටියේය. දෙදෙනා මුණ ගැසුණි. ඉන්පසු දෙදෙනා පෙරදින කතා කරගත් පරිදි ලැගුම් හලක් වෙත ගියහ. පැය ගණනක් ඔවුහු නිදහසේ එහි පෙම් සුව වින්දහ. එතැන් සිට ලද සැම මොහොතකම ඔවුහු එලෙස ලැගුම් හල් වෙත ගියහ. ඒ වනවිට ඇයගේ සියලූම දේ නලීන් වෙත පුද දී තිබුණි.
දිනක් නලීන් මත්පැන් පානය කරන ගමන් අමාලී ගැන විස්තර තම මිතුරන්ට පැවසුවේය. එහිදී මිතුරන් පැවසුවේ ඇයව ඔවුුනටද හදුන්වාදෙන ලෙසයි. ඒ ඇය සමග ලිංගිකව හැසිරිමටයි. ඒ අනුව නලීන් ද එක පයින් එයට කැමති විය. එ මොහොතේම ඔවුහු ඇයව රවටාගන්නා ආකාරය ගැන කතා බස් කළහ.
පසුදින උදාවිය නලීන්ගේ මිතුරන් අමාලීව මුණ ගැසී ඇයව බිය ගන්වා පාලූ නිසවක් වෙත රැගෙන ගියේය. එලෙස රැගෙන ගොස් එම පිරිස විටින් විට ඇයට දුෂණය කළේය. එතැනින් නොනවැතුණ ඔහුගේ තවත් මිතුරන් කිහිප දෙනෙක්ද ඇයව එලෙස බිය ගන්වා වරින් වර දුෂණය කළේය. කිසිවක් කර ගත නොහැකිව අසරණ වු ඇය එම පාපතරයන්ට තම ශරිරය දී නිහඩව සිතින් දුක් වින්දාය. ඒ වන විට නලීන්ගේ යහලූවන් දස දෙනෙක් ඇයව වරින් වර දුෂණය කර තිබුණි.
දිනය පසුගිය 19 වැනිදාය. පෙර පරිදි සිව් දෙනෙක් ඇයව දුෂණය කර තී‍්‍රරෝදය රථයක නංවා යළි ඇඹිලිපිටිය නගරය වෙත රැගෙන එමින් සිටියහ. ඒ බව ඇයගේ ඥාතියකු දුටුවේය. වහාම ඔහු ඒ බව අමාලිගේ මවට පැවසුවේය.
දියණිය නිවසට ආ පසු තී‍්‍රරෝදය රථයක ගියේ කොහෙදැයි ඇය අමාලිගෙන් විමසුවාය. ඇය බොරැවක් කීවාය. එහෙත් මව එය පිළි ගත්තේ නැත. ඇත්ත පවසන ලෙස ඇයට බළ කළාය. ඉන් පසු අමාලී තමන්ට සිදුවු සියලූ දේ තම මවට පැවසුවාය.
එය ඇසු මව එක්වරම සිහිසුන් වුවාය. විනාඩි කිහිපයකට පසු යළි ප‍්‍රකෘති තත්ත්වයට පත්වු ඇය කරන්නේ කුමක්ද කියා කල්පනා කළාය. දැන් සියල්ල සිදුවි ඇති බැවින් නීතියේ පිහිට පැතිමට ඇය තීරණය කළාය. ඒ අනුව සෙවනගල පොලීසියට ගොස් ඇය මේ පිළිබදව පැමිණිලි කළාය.
පැමිණිල්ලට අනුව පරික්ෂණ පැවැත්වු පොලිස් නිලධාරිහු සැකකරැවන් සියලූ දෙනාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. මෙවැනි නරුමයන් තවත් සමාජයේ සිටින බැවින් ඔබගේ දියණිය ගැන පෙරටත් වඩා අවධානය යොමු කරන්න.
පසු සටහන – මත්තල දිලිප් එන් ජයසේකර.