Colombo Today Local News

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ රට පාවාදුන් අයට කොටි ත්‍රස්තවාදීන් නිදහස් කර මහින්ද – ගෝඨා වුවද මරාදැමීමට හැකි බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.

පුනරුත්ථාපනය කිරීමට නොහැකිව සිටින කොටි ත්‍රස්තවාදීන් පවා ඇප මත නිදහස් කර ඇති බවයි ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

මොනිස් නමැත්තා එවැනි ප්‍රබල ගනයේ කොටි ත්‍රස්තවාදියකු බව සඳහන්.

එම මාධ්‍ය හමුවට එක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසුවේ තහනම් කර තිබූ ත්‍රස්තවාදී සංවිධාන කිහිපයකම තහනම ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.තහනම ඉවත් කිරීමෙන් පසු ගෝලීය දෙමළ සංසදය නමැති සංවිධානයක් පසුගියදා විරෝධතාවක් පවත්වා ඇති බව ඒ මහතා පැවසුවා.

ඉතිරි සංවිධානවල තහනමද මේ අයුරින්ම ඉවත්වනු ඇති බව සඳහන්.ඇප මත නිදහස් කළ සැකකරුවන් අතර, කොළඹ බෝම්බ පුපුරුවා හැරීම් සැලසුම් කළ දෙදෙනකු සිටින බවද අමරසේකර මහතා සඳහන් කළා.

Related posts

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

නැගෙනහිර සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් අනිවාර්යයි

colombotoday

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබද අලුත් ඇමතිකමට චම්පික – ෆොන්සේකා ද්වන්ධ සටනක !

colombotoday