පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ විවාහක පුද්ගලයෙකි.
එම පුද්ගලයාගේ නාසයෙන් සහ කනින් අධික ලෙස ලේ වහනය වී ඇති අතර ගෙල වැලලාගැනීමකින් මියගිය බවට කිසිදු සාක්ෂියක් සිරුර හමුවූ ස්ථානයෙන් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, මැදිරිගිරිය පොලිසිය සඳහන් කර ඇත්තේ අදාළ මරණය සැකසහිත බවයි.
ඒ අනුව මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.