Colombo Today Local NewsTop Stories

අප්‍රේල් 20 වනදා තෙක් වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් – දැඩි අවධානයෙන් සිටින්න

අප්‍රේල් 20 වනදා තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ එය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවකදීයි මේ බව අවධාරණය කෙරුණේ. සෞඛය අමාත්‍යාංශයේදී සාකච්ඡාව පැවැත්වුණේ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවකට එක්වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියාසිටියේ ජනතාව වෙත දැඩි පාලනයක් ඉදිරි කාලසීමාව තුළ ද පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

ඉදිරි සති දෙකක කාලයෙන් අනතුරුව ද නීතිරීති දැඩි කළ යුතු බවට සෞඛ්‍ය අංශ පවසන්නේ නම් අවශ්‍ය වුවහොත් ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා වෙත ඒ බව ලිඛිතව දැන්වීමට කටයුතු කරන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවා.

ප්‍රජා වෛද්‍ය සංගමය මෙහිදී අවධාරණය කළේ පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගත යුතු බවයි. නිවසට ආසන්න කුඩා වෙළෙඳදසැලකින් අවශ්‍ය ආහාර මිලදී ගැනීම , පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වා ගැනීම , නිරන්තරයෙන් දෑත් සේදීම ආදී කරුණු ඉදිරි මාස හය සඳහා පවත්වාගෙන යාම සුදුසු බවද මෙහිදී ප්‍රකාශ වුණා.

ITN News

Related posts

ජාතික ඉන්ධන අවසර පත්‍ ප්‍රවේශම් කරගන්න – ඇමති කංචන කියයි

colombotoday

ඩොලර්වලට ඉන්ධන ‌දෙන්න ලියාපදිංචි කිරීම අරඹයි

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

colombotoday

බුලත් විටක් රු.130 දක්වා ඉහළට

Admin

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

colombotoday