ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය වන බව මුදල් අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව පෙට්ට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවයි වාර්තා වන්නේ.
ඔක්තෝබර් මස 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කරන ලද අවස්ථාවේ ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 85ක් ලෙසයි.
එය අද වනවිට ඩොලර් 57ක් දක්වා අඩු වී තිබෙන අතර මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අනිවාර්යයෙන්ම අඩුවිය යුතු වනවා.