Colombo Today Local News

ළමා නිවාසයක දැරියක් ගෙල වැලලා ගනී

වව්නියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල දැරිය ළමා නිවාසයේ සිටියදී ඊයේ රාත්‍රියේ ආහාර ගැනීම සඳහා සොයා බලන අවස්ථාවේ දැරිය නොසිටීමෙන් පරික්ෂා කර බැලීමේදී ළමා නිවාසයේ පිහිටි නානකාමරයක් තුලදී ළණුවක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට ළමා නිවාසයේ පාලිකාවන් අනාවරනය කර ගැනීමෙන් පසුව මේ බව වව්නියාව පොලීසියට දැනුම් දී තිබේ.

මෙසේ සියදිවි හානි කොට ගෙන ඇත්තේ 17 හැවිරිදි රාජි සෙල්වරාණි නැමති දැරියක් වන අතර දැරිය සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මිය ගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්සණය වෙනුවෙන් වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු වව්නියාව පොලීසිය විසින් සිදු කරයි.

Related posts

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

කෑගල්ල, කළුතර රෝහල්වලටත් ළඟදීම PCR යන්ත්‍ර

colombotoday

ෂාෆි දොස්තරගෙන් සැත්කම් කළ පසු ආය දරුවන් ලැබුණේ නෑ – මව්වරුන් හැඩූ කදුළින් පැමිණිළි කරයි…

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin