අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් 11 දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් මේ වන විටත් අත්අඩංගුවේ පසුවේ.
තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.