Colombo Today Local News

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට(08)දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ මංතීරූ නීතිය යළි ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සැලසුම් කළ පරිදි ලංගම සතු සියලු බස් රථ හෙට සිට ධාවනයේ යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට සිට, සියලුම කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි.‍

ඒ අතර හෙට සිට බස් රථ ධාවනයට යෙදවීමේදී තමන් ගැටලු කිහිපයකට මුහුණ පා ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසයි.

කෙසේ වෙතත් සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඒ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෙට සිට සෞඛ්‍යාරක්ෂිතව සේවා කටයුතු ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

Related posts

පස්සේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරිගේ බිරිඳට අතවර කරලා

colombotoday

බස් රථවල ඝෝෂාකාරී සංගීතය අද සිටි තහනම් !

colombotoday

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

Admin

“සන්දීප්ව හැප්පුවේ චම්පික” චම්පිකගේ රියදුරු අධිකරණයේ රහසේ පාපොච්චාරණය කරයි !

colombotoday

ඇමතිකමෙන් නෙරපූ හේතුව හිටපු ඇමති විජේදාස හෙළිකරයි (Video)

colombotoday

ජනපතිට එරෙහි නඩුව නිෂ්ප‍්‍රභා කරයි.. රු 100,000නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග…

colombotoday