යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශකර සිටියේ කොරෝනා ආසාධිතයින් වාර්තා වීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශ හුදෙකලා කමෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව බන්ඩාරනායක මාවතෙහි තවත් කිහිපදෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවත් ඔවුන් යලි නිවෙස් බලා පැමිණීමෙන් පසු නිවෙස් වලින් පිටතට නොපැමිණ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම අනිවාර්ය බවද, මේවනවිට මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කොට නොමැති බවද මෙහිදී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටි.