Colombo Today Local NewsTop Stories

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

මේ දිනවල මාධ්‍යවල පළවන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ හඬ පටය පිළිබඳව ඊයේ (21) නාවුල පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදහස් දැක්වුවා.

ඇය සිය තනතුර අතහැර ගියේ තම අනුදැනුමකින් තොරව හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු අධිකරණයට ගෙන ගිය අවස්ථාවේ තමා විසින් සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

උදේ සිට සවස 4.00 වන තුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කර සවස 6.00න් පසු අරලිගයග මන්දිරයේ දූෂණ වංචා ලේකම් කාර්යාලයේ රාජකාරි කළ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් සඳහා පත්කරන ලෙස මෑතක දී ද අග‍්‍රාමාත්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලීමක් කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ හඬ පටයේ සඳහන් වන අන්දමින් වැරදි විදියට නඩු දමන්න ඇයට උපදෙස් ලබා දුන් එම පහත් පෙළේ දේශපාලනඥයන් කවුදැයි රටට හෙළිකරන ලෙස තමා ඇයට දන්වන බවත් එය රටට අනාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් කියා සිටියේය.

Related posts

ෆෙඩරල් ඉල්ලු විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ත්‍රීකුණාමලයයේ ඩෙංගු නවත්වන්න අගමැති ලක්ෂ 50 ක් වෙන් කරයි

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

Admin

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday