Colombo Today Local NewsUncategorized

හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Video

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යාංශ කාර්යාලයට බලෙන් ඇතුලු වී ඔහු පිළිබද තොරතුරු සෙවීමට තැත් කළ ඇමති පුතා කවුදැයි හෙළිවී තිබෙනවා. ඒ අන්කවරකුවත් නොව දූෂණ වංචා පිළිබදව නම ගෑවිලාවත් නැති, දූෂිතයන් ඇල්ලීමට උපන් හපන්කම් ඇති රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුතුවන චතුර සේනාරත්න බව එම අමාත්‍යාංශ වාර්තා සදහන් කරයි. හරීන් ප‍්‍රනාන්දු මහතාගේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී චතුර සේනාරත්න සොයා බැලීමට තැත් කර ඇති අතර ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ල කිරීම මෙහි අරමුණ බවයි හෙලිව ඇත්තේ. කෙසේ වෙතත් එම වෑයම සාර්ථක වී නැහැ. ඇවන් ගාඩ් ගණුදෙනු සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා දැරූ ස්ථාවරයට එරෙහිව හරීන් ප‍්‍රනාන්දු මහතා අදහසක් දැක්වීම මෙම තත්ත්වයට මුල්ව ඇතැයි සදහන්.

එම සිදුවීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා දැඩි ලෙස උරණ වී ඇති අතර නම් ගම් අනාවරණය නොකරමින් ඊයේ සිදුකල කතාව පහතින් නරඹන්න.

Related posts

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday

ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරයි

Admin

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

colombotoday