Colombo Today Local NewsCovid 19

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාධිත බවට තහවුරු වූ දෙදෙනකු අද (26දා) හමුවූ බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි බව කියන මෙම නිලධාරීන් දෙදෙනා අම්බලන්තොට බැරගම සහ සූරියවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා හම්බන්තොට දිස්ත්‍රීක්කයට පැමිණි 37 දෙනකු සිටින අතර ඉන් 14 දෙනකු ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති අතර ඉන් 9දෙනකුගේ පරීක්ෂණ වාර්තා අද දිනයේ පැමිණ ඇතැයිද ඉන් දෙදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය කීවාය.

කොරෝනා ආසාධිත බවට තහවුරු වූ නිලධාරීන් දෙදෙනාගේ නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති අතර මෙම නිලධාරින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

colombotoday

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday

බදු පනත් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

තවත් කොවිඩ් ආසාදිතයින් 2,232ක්

colombotoday