ජල ගාස්තුව 65%-100% දක්වා ඉහල දැමීම සදහා අනුමැතිය ඉල්ලා ඇමති රවුෆ් හකීම් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඇමති රිෂාඩ් බදියුදීන් විරෝදය දක්වා තිබේ.
ජලාපවාහන මණ්ඩලය මේ වන විට පාඩු ලබන්නේ ජල ගාස්තු වැඩි නොකිරීමක් නිසා නොව ඇමති රවුෆ් හකීම් විසින් මණ්ඩලයට සිය දේශපාලන හිතවතුන් විශාල පිරිසක් රැකියා සදහා බදවාගෙන තිබීම නිසා බව ඔහු පෙන්වා දී තිබේ.
මෙසේ බදවාගෙන ඇති පිරිස 800කට අධික බවත් ඔවුන් සදහා වැටුප් ගෙවීම හේතුවෙන් මණ්ඩලයට මෙම තත්වය උදා වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් ඇමති හකීම් මෙම චෝදනා ප්රතික්ෂෙප කරමින් සදහන් කර ඇත්තේ 2010 සිට ගාස්තු වැඩි කිරීමක් නොකල නිසා මණ්ඩලය පාඩු ලබන බවයි.