Articles

සෞදියේ කුමරුනි…

saudi pr

සෞදියේ කුමරුනි….
පළමු ගල ගසාපන්න
බොරු සහතිකවත් හදා – තොපට වහලුන් සපයන
තුන්වැනි ලෝකයේ – වහල් වෙළෙඳුන්ට
දෙවන ගල ගසාපන්න
ගැහැණුන් පිටට පටවා – විදේශ විනිමය උපයන
තුන්වැනි ලෝකයේ – අම්ම මෝ නැති රටවලට
තෙවන ගල ගසාපන්න
ඔබව මරුවන් බවට පත් කළ – මිනිසත් බවින් දුරු කළ
මිහිපිට අපායේ – යුක්තියක් නැති නීතියට
ශුද්ධ වූ දෙවියන් ට
ගරහන්න අයිතියක් නෑ මට
ඒ වුණත් කුමරුනි,
නීතිය දුන්නෙ ‘උහු‘ නම්…
අන්තිම ගලෙන් අහගන්න
වැදිය යුතු තැන හරියට…
ප්‍රේමය වරදකට බැර කර
නොරටක දුගී ගැහැනිට
ගහන ගල් කැට එකක් ගානෙම
සාප වේවා… තොපට සදහට…!
– සුරේඛා සමරසේන

Related posts

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

එදා ප්‍රේමදාසලාට තිබුණු කොන්ද අද යහපාලන බටහිර දාසලාට නැත.. එළඹෙමින් තිබෙන්නේ යක්ෂයාගේ හෝරාවයි !

colombotoday

වැලන්ටයින් සහ ඤාණසාර හාමුදුරුවෝ..!

colombotoday

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday