Articles

සෞදියේ කුමරුනි…

saudi pr

සෞදියේ කුමරුනි….
පළමු ගල ගසාපන්න
බොරු සහතිකවත් හදා – තොපට වහලුන් සපයන
තුන්වැනි ලෝකයේ – වහල් වෙළෙඳුන්ට
දෙවන ගල ගසාපන්න
ගැහැණුන් පිටට පටවා – විදේශ විනිමය උපයන
තුන්වැනි ලෝකයේ – අම්ම මෝ නැති රටවලට
තෙවන ගල ගසාපන්න
ඔබව මරුවන් බවට පත් කළ – මිනිසත් බවින් දුරු කළ
මිහිපිට අපායේ – යුක්තියක් නැති නීතියට
ශුද්ධ වූ දෙවියන් ට
ගරහන්න අයිතියක් නෑ මට
ඒ වුණත් කුමරුනි,
නීතිය දුන්නෙ ‘උහු‘ නම්…
අන්තිම ගලෙන් අහගන්න
වැදිය යුතු තැන හරියට…
ප්‍රේමය වරදකට බැර කර
නොරටක දුගී ගැහැනිට
ගහන ගල් කැට එකක් ගානෙම
සාප වේවා… තොපට සදහට…!
– සුරේඛා සමරසේන

Related posts

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

ලාංකේය තලේබාන් කල්ලියේ සෞදි නාඩගම

colombotoday

ගෝඨා දඩයම…

colombotoday

දේශයේ මුර දේවතාවුන්ගේ අඩවියේ දැන් අපි සැපෙන් සුවෙන්… ලක් අම්මේ ඔබේ ආදරය අප හඩවනවා – වූහාන් සිට ආ සිසුවෙක් දියතලාව කදවුරේ සිට කියූ සංවේදී කතාව

colombotoday