Colombo Today Local News

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

ආහාර සුරක්ෂිතතාවය පිළිබද ගැටලුව අද අප රට මුහුණපා ඇති ප්‍රධාන ගැටලුව වුවත් මෙරට පාලකයින් එය තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. බෝනොවන රෝගවලට මෙරට ජනතාව සීග්‍රයෙන් ගොදුරුවෙමින් සිටී. මෙරට ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන කරුණු කිහිපයක් ඇති අතර ඉන් එක් කාරණයක් වන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබද ඇති නීති රීති හා පරිපාලනයයි.

1980 අංක 26 දරණ ආහාර පනත ක්‍රියාත්මක කිරීමේදී බලපාන ගැටලු සදහා අමාත්යආවරයාට උපදෙස් දීම සදහා අහාර උපදේශණ කමිටුවක් පත් කිරීමට වන බලතල 1980 අංක 26 දරණ ආහාර පනතෙන්ම නියම කර ඇත.

රටේ සියලුම ආකාරයේ ආහාර පිළිබදව සොයා බලන්නේ මෙම ආහාර උපදේශණ කමිටුවයි.

විවිධ ආයතන නියෝජනය වන ආකාරයට මෙම ආහාර උපදේශණ කමිටුව සදහා සාමාජිකයින් පත්කර ඇත. එහෙත් පසුගිය රජය කාලයේ මෙම ආහාර උපදේශණ කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කරන ලද්දේ අමාත්ය වරයාට හිතැති බහුජාතික සමාගම්වල ඉත්තන්වන අතර රටේ ආහාර පිළිබද ගැටලුවට සෘජුවම වගකිව යුත්තේ මෙම ආහාර උපදේශණ කමිටුවයි. පනතේ 8(ක) වගන්තියට අනුව පාරිභෝගිකයින් නියෝජනය කිරීම සදහා සාමාජිකයින් දෙදෙනෙකු පත් කලයුතු වුවත් එම පත්කිරීම කර ඇත්තේ පාරිභෝගික සංවිධාන නියෝජනය වන ආකාරයට නොවේ.

සෞඛ්ය අමාත්යාංනශයේ අහාර අංශය භාරව කටයුතු කරන හා ආහාර උපදේශණ කමිටුවේ සාමාජිකයෙක් වන පුද්ගලයෙකු බහුජාතික සමාගමක අනුග්රතහයෙන් විදේශගත වී ඇති බව හෙළි කරන ලද්දේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ආනයනික කිරිපිටි පිළිබදව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද වාර්තාව මගින්ය. එහෙත් එම පුද්ගලයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. අහාර උපදේශණ කමිටුව මෙහෙය වන්නේ ඔහුය. මේ පිළිබදව රජෙය් වෛද්‍ය නිළධාරී සංගමය නිහඩ පිලිෙවතක් අනුගමනය කරමින් සිටී.

ජනතාව නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ තම දරුවාට හා තමන්ට සුරක්ෂිත ආහාර වේලක් තමන්‌ගේ වියදමින් ලබා ගැනීමට අවස්ථාව සලසා ගැනීමට වුවද දැන් ජනතාවට සිදුව ඇත්තේ මන්ත්රීවවරුන්ගේ කුණුහරුප හඩපට ඇසීමටය.

ජනාධිපතිතුමණි ජනතාවට සුරක්ෂිත ආහාර ලබා ගැනීම සදහා අවස්ථාව ලබා දෙන්න!

රංජිත් විතානගේ – සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday